බඩගින්න

 “ළමයි මම හැමෝටම මොකක් හරි කෙටි කතාවක් ලියන් එන්න කියලා කිව්වා. ඔය ළමයි කතාවක් ලිව්වද?”

ගුරුතුමිය ඇහුවා.. 

 “ ඔව් ටිචර්” පස් දෙනෙක්  පිළිතුරු දුන්නා.. ඉතින් ලියපු අය  තම තමන් ලියපු කෙටි කතා ගුරුතුමියට දෙන්න පටන් ගත්තා..පන්තියේ හිටපු වසන්තත් කතාවක් කියලා තිබ්බා. වසන්තත් තමන් ලියපු කතාව ගුරුතිමියට දුන්නා. හැබැයි මේ කතාව දෙන ගමන් ගුරුතුමියට මෙහෙම කිව්වා.. 

“ ටීචර් මමත් කතාවක් ලිව්වා. හැබැයි මේ කතාව තේරෙන්නේ බුද්ධිමතුන්ට විතරයි.”

ගුරුතුමිය වසන්තගේ මූණ දිහා බලලා කතාව කියවන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒ වසන්ත ලියපු කෙටිකතාවයි. 

                  හිගන්නාගේ රත්නය..

  එක හිගන්නෙක් තමන්ගේ ඉඩමේ ඉදගෙන රුපියල් සීයේ නෝට්ටුවක් තමන්ගේ සාක්කුවෙන් ගත්තා.. 

  “ මට මේ සීය අරගෙන පාන් කෑල්ලක් දෙන්නකෝ..” ඔහු ළග හිටපු මස් කට්ටක් කමින් හිටපු බඩ මහත මනුස්සයගෙන් ඇහුවා.. 

  “ සීයට පාන් දුන්නේ ගිය අවුරුද්දෙදි.. මේ 2024 .. දැන් 118 යි..” මස් කට්ට කන ගමන් බඩ මහත මනුස්සයා කිව්වා. 

  “ සුදුමහත්තයා යන කොටනම් සත තිහයි .” හිගන්නා එහෙම කියන ගමන් මස්කට්ට කන බඩ මහත මනුස්සයගෙන් ඇහුවා.. 

  “ ඒ සුදුමහත්තයගෙ කාලේනේ.. ඉස්සරහට උබට කන්න තියා මේකේ ඉන්නවත් ලැබෙයිද දන්නේ නෑ. මොකද මේක ඇස් හීනී කහමහත්තයට සින්න වෙන්න යන්නේ..උබට තමයි ඉතින්. මටනම් මගෙ පුතාගේ ගෙදර යන්න පුළුවන්” මස් කට්ට කන ගමන් බඩ මහත මනුස්සයා ඇහුවා. 

  “ අපි මේ ඉඩම යට තියන රත්නයවත් ගමුද?”  හිගන්නා ඇහුවා..

 “ ඒක විකුනන්න පුළුවන්ද?” මස් කට්ට කන එක පොඩ්ඩක් නවත්තලා බඩ මහත මනුස්සයා ඇහුවා.. ඒත් ඒකට හිගන්නා ලග උත්තර තිබුනේ නෑ.. මොකද රත්නය ගන්නේ කොහොමද? ඒකේ වටිනාකම කීයද කියලා දන්න මනුස්සයා දැන් වෙන ඉඩමකට ගිහින්. හිගන්නාගෙන් උත්තරයක් නැති නිසා මඩ මහත මනුස්සයා ආපහු මස් කට්ට කන්න පටන් ගත්තා..

  ටික වෙලාවකින් ඇස් හීනී කහ මහත්තයා ආවා.. කහ මහත්තයා ආවේ දෙවෙනි කැලේ ඉදන්. කහ මහත්තයගේ ඔලුවේ මකරෙක්ගේ ලකුන තියන තොප්පියක් තිබුනා. කහමහත්තයා එන කොට බඩ මහත මනුස්සයා මස් කට්ට කාලා ඉවරයි.. කහ මහත්තයට ඉඩම බාර දුන්න මඩ මහත මනුස්සයා තමන්ගේ පුතාගේ ගෙදර යන්න පිටත් වුනා. 

  ඊට පස්සේ කහ මහත්තයා අතින් පොළොව පොඩ්ඩක් හාරන්න පටන් ගත්තා.. ටික වෙලාවක් පොලොව හාරන කොට රත්නය හමු වුනා..ඇත්ටටම එතන එක රත්නයක් නෙවෙයි රත්න නවයක්ම තිබුනා. 

  කෙටි කතාව අවසානයි… ගුරුතුමිය වසන්තගේ මුහුණ බැලුවා.. 

“ මේ කතාව මම කියවපු හොදම කතාවක් .. කවුද පුතේ මේ කතාව ලියන්න උදව් කලේ ” ගුරුතුමිය ඇහුවා.. 

 “ ටීචර් .. මට පස්සේ එන කෙනාගේ දෙවෙනි අකුර කපලා කහ මහත්තයට ලැබුන වස්තුව එකතු කරන්න.. එතකොට එයාගේ නම එයි.. 

 “ ඉන්නේ  කොහෙද?” ආපහු ටීචර් ඇහුවා..

 “ ටීචර් , වැඩේ කරන් ආපූ ගාන කහ මහත්තයා ආපූ තැනට අරන් ගියොත් ඉගෙනගන්න ලොකු තැන..” 

  “මෙයාගේ උදව්වෙන් ලියපු තව කතා තියෙනවද?” ගුරුතුමිය ඇහුවා.. 

  “ ඔව් ටීචර්.” එහෙම කියපු වසන්ත බෑග් එකෙන් අරන් කෙටි කතා පොතක්ම ගුරුතුමියට දුන්නා. ගුරුතුමියත් එකින් එක මේ කතා කියවන්න පටන් ගත්තා..  

                       

                         දෙවන කතාව 


   අපි ඉන්නේ  රජා නිසාද? රජා ඉන්නේ  අපි නිසාද?

Comments

  1. excellent, keep writing, creative writing is lacking in SL. from USA.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාගෙ ජිව්‍තෙ ප්ප්‍රශ්න පත්තරයක්ද ?